අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් නුදුරු කාලයේ දී එම කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බව ද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්හ.
එම පිරිස නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික සැලසුම් සකස් කර ඇති අතර, ඒ සඳහා වෙනම කාර්යාලයක් ද ඉකුත් සිකුරාදා නාවල දී විවෘත කරනු ලැබීය.