පොදුජන පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව පිළිගන්නවා


අපි අපේ බලවේග ඉක්මනින් ඈත්කර ගත්තා

බැසිල් රාජපක්ෂ ඉරිදා ලංකාදීපයට කියයි

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

පොදු පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව තමන් පිළිගන්නේ යැයි පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉරිදා ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු වශයෙනි. 

නිවැරැදි නොවන තීරණ ගැනීම, නිවැරැදි තීරණ කලට වෙලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ මත ගැටුම් මෙම අර්බුදයට මග පෑදූ බවද ඒ මහතා පැවසීය.  


‘අපි අපේ බලවේග ඉක්මනින් ඈත්කර ගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුණේ එතැනින්’ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.  
ඉදිරි ක්‍රියාමාර්ග කවරේදැයි විමසූ පැනයට පිළිතුරු වශයෙන් ඒ මහතා ප්‍රකාශ කළේ ‘දැන්ම ඒ ගැන කියන්න බෑ’ යනුවෙනි.