කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී
ජගත් කුමාර
(දයාසීලි ලියනගේ)
පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කිරීමේ සිද්ධිය පිළිබඳව සොයා බලන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා ඉරිදා ලංකාදීපයට කීය.
ඉතාලි සංචාරය නිමවා යළි මෙරටට පැමිණ සිටින අග්‍රාමාත්‍යවරයා සමග තමන් දුරකතනයෙන් කතා කළ බව ද ජගත් කුමාර මන්ත්‍රීවරයා කීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙය කතා කරල විසඳාගත හැකි ප්‍රශ්නයක් නිසා තනතුරෙන් ඉවත් වීමට අවශ්‍ය නැති බව යැයි ද ඒ මහතා කීවේය.