දයාසීලි ලියනගේ
පොහොට්ටුව පාර්ශවයෙන් එකඟතාවක් නොදැක්වීම නිසා මෙතෙක් රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා රාජ්‍ය ගිණුම් කාරක සභාවට සාමාජිකයන් පත් කරගත නොහැකි වී ඇතැයි වාර්තා වේ.
මෙම කාරක සභා දෙකේ සභාපතිවරුන් විපක්ෂයෙන් පත් කරන ලෙසට සමගි ජනබලවේගය ඉල්ලා ඇති අතර පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් එම ඉල්ලීමට එකඟතාව නොදැක්වීම නිසා මෙම ගැටලුකාරි තත්ත්වය පවතින බව දැනගන්නට ඇත. දැනට මාසයකට අධික කාලයක් තිස්සේ මෙම කමිටු දෙකට සාමාජිකයන්වත් නම් කර නැත. මේ ෙවන විට අනෙකුත් කාරක සභා පත් කර ඇත.