(අජන්ත කුමාර අගලකඩ)
රටපුරා පවතින පොහොර හිඟයට වහා විසඳුමක් දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර තිබේ.
එළවළු පොහොර සහ තේ වගාව ඇතුළු අපනයන බෝග වලට යොදන පොහොර වල බරපතළ හිඟයක් පවතින බව එම පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ට ගම්වලට යාමට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි පෙන්වා දී ඇති එම මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා ඇත .
එහිදී අදහස් දක්වා ඇති කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොහොර හිඟයක් නැති බවත්, අවශ්‍ය තරම් පොහොර තිබෙන බවත් ප්‍රකාශ කර තිබේ.