පෝට් සිටි පනතේ විවාදයට කලින් අගමැති සමඟ පක්‍ෂ නායක රැස්වීමක්


(අජන්ත කුමාර අගලකඩ)  

ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.  

කොළඹ වරාය නගර කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා විසින් අනිද්දා (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති අතර පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.  


ඒ පිළිබඳව පක්‍ෂ නායකයන් දැනුම්වත් කිරීම සඳහා අගමැතිවරයා විසින් මෙම රැස්වීම කැඳවනු ලැබ ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.