අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ
(දයාසීලි ලියනගේ)
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට තීරණය කළත් වයස අවුරුදු 55න් සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතුව ලබා ගැනීමට හිමිකම් තිබිය යුතු බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා මුදල් අමාත්‍යංශයට ලිඛිතව දන්වා ඇත.
පෞද්ගලික අංශයේ සේවයෙන් විශ්‍රාම යනවිට ඇති එකම බලාපොරොත්තුව සේවක අර්ථ සාධක අරමුදල වන නිසා සේවා කාලය දීර්ඝ කළත් වයස අවුරුදු 55න් එම අරමුදල ලබා ගැනීමට අැති හිමිකම් අහිමි නොකළ යුතු බවට දැඩිව ප්‍රකාශ කරන බවද ඒ මහතා කීය.
සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීමේ වයස් සීමාව පිළිබඳව කළ විමසීමේදී කම්කරු කොමසාරිස් (EPF) බී. වීරකෝන් මහතා ප්‍රකාශ කළේ තවමත් වයස අවුරුදු 55න් අරමුදල් ලබා ගැනීමට හිමිකම් තිබෙන බවයි.
වයස 60 දක්වා දීර්ඝ කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු දැනුම් දීමක් හෝ නියමයක් කර නැති බවද වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.