(මහින්ද නිශ්ශංක)
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන වූ බනිස්, මාළුපාන් ඇතුළු ආහාර මිල වැඩි කිරීම හේතුවෙන් ඒවායේ අලෙවිය සියයට 20 කින් පමණ අඩු වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ තත්ත්වය යටතේ තිරිඟු පිිටි මිල වැඩි කිරීම නිසා පාන් මිල ද වැඩි කළ හොත් බේකරි කර්මාන්තය බරපතළ අනතුරකට පත්වන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
ඩීසල් මිල වැඩි කිරීම නිසා පසුගියදා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන රුපියල් පහත් දහයත් අතර මිලකින් වැඩි කළ බව පැවසූ ඔහු මේ වන විට බේකරිවල නිෂ්පාදන කටයුතු ද සියයට 25කින් පමණ පහළ බැස ඇතැයි ද පැවසීය.
බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පවසන ඒ මහතා පොල් තෙල් හා පාම් ඔයිල් මිල සියයට 100කින් ද සීනි සියයට 20කින්ද මිල වැඩි වී ඇති අතර අනෙකුත් අමුද්‍රව්‍ය මිලද සියයට 20කින් ඉහළ ගොස් ඇති අතර මේ තත්ත්වය යටතේ බේකරි පවත්වා ගෙන යාමට නොහැකි වී ඇතැයිද කීය.