බිලියන 65 ක් නොලැබුනොත් අඩු ආදායම්ලාභීන්ටත් විදුලි සැර ?


දයාසීලි ලියනගේ   

අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහනාධාරයක් දීමට නම් රුපියල් බිලියන 65 ක මුදලක් වර්ෂයකට අවශ්‍ය බව මහජන උපයෝගිතා කොමිසම රජයට දැනුම් දී තිබේ.

මෙම මුදල නොලැබෙන්නේ නම් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල අනිවාර්යයෙන්ම වැඩි කිරීමට සිදු​ෙවන බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.


විදුලි ඒකක 30 ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අඩු ආදායම්ලාභීන් සංඛ්‍යාව ලක්ෂ 35 ක් බව සඳහන් වේ.   
මෙම වර්ෂයට විදුලි බිල සැකසීමේදී ස්ථාවර ගාස්තු, ඉන්ධන ගැළපුම් ගාස්තු සහ සැපයුම් පිරිවැය අය නොකරන අතර, විදුලි බිල පමණක් අයකරයි.   


විදුලි බිල ඉහළ දැමිය යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට අනුව අඩු ආදායම්ලාභීන්ට සහන ලබා​ දෙනවාද? යන්න පිළිබඳව රජයෙන් විමසීමක් කර ඇත.