(දයාසීලි ලියනගේ)
බෝ නොවන රෝග සඳහා පාවිච්චි කරනු ලබන ඔෟෂධ වර්ගවල මිල සියයට සියයත් තුන්සියයත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
මෙම ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 8 කට රජයේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් අනිද්දා (16) වන විට ලබා නොදුන්නොත් අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර පවත්වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය.
මෙම විරෝධතා ව්‍යාපාරයට වෘත්තීය සමිති 16 ක නියෝජිතයන් සහභාගි වන බවද රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.