තෙල්, රක්ෂණ මුදල් වැඩි කරන්නලු
සුජිත් හේවාජුලිගේ
මන්ත්රීවරුන් පිරිසක් ආර්ථික ප්රශ්න සැලකිල්ලට ගෙන තමන්ගේ විවිධ පහසුකම් සහ වරප්රසාද තවත් වැඩි කර දෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
විශේෂයෙන්ම මන්ත්රීවරයකුට ලැබෙන රක්ෂණ මුදල වැඩි කර දෙන ලෙස ඔවුන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
මන්ත්රීවරයකුට දැනට හිමි වන රක්ෂණ මුදලේ වටිනාකම වර්ෂයකට ලක්ෂ දෙකකි. පවතින ආර්ථික තත්ත්වය යටතේ එය ප්රමාණවත් නොවන බව සඳහන් කරමින් එම මුදල ලක්ෂ 5ක් දක්වා වැඩි කර දෙන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.
යම් අසනීපයකට රෝහල්ගත වූ විට එම ලක්ෂ දෙකේ මුදල බොහෝ අවස්ථාවලදී ප්රමාණවත් නොවන බව මන්ත්රීවරු පෙන්වා දෙති.
මීට අමතරව ඉන්ධන දීමනාව පවතින මිල ගණන්වලට ගලපා ලබා දෙන ලෙස තවත් මන්ත්රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මන්ත්රීවරුන් සඳහා දැනට ඉන්ධන දීමනාව ගෙවනු ලබන්නේ පැරැණි ඉන්ධන මිල අනුව සලකා බැලීමෙනි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා තීරුබදු රහිතව වාහනයක් මිලදී ගැනීම සඳහා ලබාදෙන බලපත්රය හෝ එම මුදලින් කොටසක් හෝ ලබා ගැනීමට හැකියාව ඇත්දැයි තවත් මන්ත්රීවරුන් පිරිසක් කතානායකවරයාගෙන් විමසා ඇතැයිද දැනගන්නට ඇත.