මන්ත්‍රීවරුන් බිලි බෑමේ මෙහෙයුම කරළියට


කෝටි ගණන් බෙදීමත් අරඹයි

සුජිත් හේවාජුලිගේ

පාර්ලිමේන්තුවේ සිය බලය පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන් මුදලට බිලීබා ගැනීමේ මෙහෙයුම නැවත වතාවක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් පැවසේ. 

ඒ සඳහා මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දීමට ද දැනටමත් රහසිගත සාකච්ඡා පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.  


මෙම මෙහෙයුම අරඹනු ලැබ ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනෙකු විසිනි.  
මේ සඳහා මුදල් පොම්ප කිරීම දෙස් විදෙස් ධනපති ව්‍යාපාරිකයන් පිරිසකට පවරා ඇතැයි ද වාර්තා වේ.  
එසේ සල්ලි පොම්ප කිරීම බාරගෙන සිටින පිරිස අතරේ මෙරටින් විදේශ රටකට පලාගොස් සිටින ප්‍රබල පුද්ගලයෙකුද වෙතියි දැනගන්නට ඇත.  


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසු අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.