අජන්ත කුමාර අගලකඩ
ආර්ථික අර්බුදයත් සමග මෙරට ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගම් කිහිපයක්ම වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
අලුතින් ඉදිකිරීම් නොමැතිවීම සහ අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් එම සමාගම්වල මහා පරිමාණ යන්ත්‍රෝපකරණ දිරාපත්වෙමින් තිබෙන අතර, සේවකයන්ට වැටුප් ගෙවීම ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක ඉංජිනේරුවරයෙක් සඳහන් කළේය.
මේ තත්ත්වය ඉදිරි කාලයේදී තවත් දරුණු අතට හැරීමේ අවදානමක් තිබෙන බැවින්, ඉදිකිරීම් සමාගම් රැසක් වැසී යාමේ අවදානමක් මතුව ඇතැයි ඔහු සඳහන් කළේය. එසේ වුවහොත් අතිවිශාල පිරිසකට රැකියා අහිමිවන බව ද හෙතෙම කීවේය.