දයාසීලි ලියනගේ
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාර ගැනීමේ ගැසට් පත්‍රය මේ මස අවසාන වීමට පෙර නිකුත් කළ වහාම, මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටීමට මැතිවරණ කොමිසම තීරණය ඇත.
ගැසට් පත්‍රය නිකුත් කර දින 14 කට පසු දින තුනක් තුළ නාමයෝජනා බාරගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.
ලබන පෙබරවාරි අග හෝ මාර්තු මුල මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති නිසා ඊට පෙර මුදල් ලබාගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් කරනු ලබන බවද නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන අතර මැතිවරණයක් පැවැත්වීමේ පොදු ක්‍රමවේදයට අනුව අදාළ කටයුතු සිදුවන බවද ඔහු කීය.
මැතිවරණය කල් දමන ලෙසට රජයේ පාර්ශ්වයෙන් යම් ඉල්ලීමක් තිබේදැයි කරන ලද විමසීමට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ එවැනි කිසිම ඉල්ලීමක් කර නොමැති බවත් කොමිසමේ සභාපතිවරයා වශයෙන් තමන්ට අදාළ සීමාවේ කටයුතු කරන බවත්ය.