මැතිවරණයක් තිබ්බොත් වියදම මිලියන එකොළොස් දාහයි


(දයාසීලි ලියනගේ)  

ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයක් සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 11,000 ත් 12,000 ත් අතර මුදලක් අවශ්‍ය වන බව සඳහන් වේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සඳහා රුපියල් මිලියන 6000ක පමණ මුදලක් වැය වුවත් දැන් රටේ පවතින තත්ත්වය යටතේ එම මුදල දෙගුණයකින් වැඩි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කීය.  


ඉන්ධන වියදම, කෝවිඩ්වලින් ආරක්ෂා වීම, මුද්‍රණ ගාස්තු, කෑම වියදම් මේ සියල්ලේම මිල ඉහළ යාම මැතිවරණයට ද බලපාන බව නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.  
මැතිවරණයකට මැතිවරණ කොමිෂම ඕනෑම අවස්ථාවක සූදානම් බව ද ඒ මහතා කීය.