(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ මතුව ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා චීනය, ජපානය සහ රුසියාව යන රටවලින් ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ .
ඒ සම්බන්ධයෙන් මිත්‍ර රටවල් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමට ප්‍රකාශ කර ඇත .
ඉන්දියානු සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල අත් වූ බවත්, ඇමරිකානු ඩොලර් කෝටි 140 ක පමණ සහනයක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බවත් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
ඒ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරගෙන යන බව සඳහන් කර ඇති මුදල් ඇමැතිවරයා දැඩි කොන්දේසිවලට යටත් නොවී සහනදායී ක්‍රමවේදයකට ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර ඇත.