මුතුරාජවෙල තෙත්බ්මේ නිවාස 3000ක් හදලා


(උපුල් වික්‍රමසිංහ)  

මුතුරාජවෙල තෙත් බිමෙහි නිවාස 3000ක් පමණ ඉදිකර ඇති බවත් ඇතැම් ගම්මානවල නිවාස හත් අට සියය බැගින් පිහිටා තිබෙන බවත් නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.  

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ එම නිවාසවලින් බොහොමයක නිසි වැසිකිළි කැසිකිළි පහසුකම් හා ජලාපවහන මාර්ග පද්ධති නොමැති බවත් ජා ඇල වත්තල සහ මීගමුව ප්‍රදේශවලට වන්නට වැඩි වශයෙන් ඉඩම් ගොඩකර ජනාවාස ඉදිකර ඇති බවත්ය.  
2017 හා 2018 වසරවලදී මුතුරාජවෙල තෙත් බිම රක්ෂිතයෙහි වැඩි වශයෙන් ඉඩම් ගොඩ කර ඇතැයි කී රණවීර මහතා ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හැර අදාළ සියලු ආයතන අනුමැතිය දී ඇති බවත් මෙම තෙත් බිම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හරහා සංවර්ධනය කළ හැකි කොටස අතහැර එහි සැබෑ සීමා මායිම් ඇතුළත් කොටස රක්ෂිතයක් හැටියට ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවත් කියා සිටියේය.