අංජුල මහික වීරරත්න
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරුණු 13ක් යටතේ තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවේ එකඟතාව පළකර ඇත.
ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේ දී ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මෙම එකඟතාව ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙරට මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය වැඩි කිරීම, යහපත් මූල්‍ය කළමනාකරණය බදු පරිපාලන ප්‍රතිපත්ති සැකසීම රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ විනිවිදභාවයක් ඇති කිරීම වියදම් කළමනාකරණය, වංචාව දූෂණය ඉවත් කිරීම, මහ බැංකුව දෙන මුදල් මත යැපෙන රාජ්‍ය ආයතන අවම කිරීම, රාජ්‍ය ආයතන පද්ධති තුළ අවදානම් අඩු කිරීම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යහගත කිරීම, ආනයන-අපනයන තීරුබදු වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්රය පොසිල ඉන්ධනවලින් පුනර්ජනීය බලශක්තිය මාරුවීම හා රාජ්‍ය ආධාර සැබවින්ම අවශ්‍ය ජනකොටස් හඳුනා ගැනීම යනාදී කරුණු වෙනුවෙන් ඔවුන් තාක්ෂණික සහාය ලබා දීමට නියමිතය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් හා මෙරට ආර්ථික ස්ථායිකරණයට උපකාර කිරීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට ලෝක බැංකු හා මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් මෙරටට පැමිණ තිබේ.
මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි මෙම පිරිස මෙරටට පැමිණ සාකච්ඡා වට කිහිපයක් පසුගිය කාලය පුරාම පවත්වනු ලැබීය
එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස කරුණු 13ක් වෙනුවෙන් සහාය පළ කිරීමට ඔවුන් තීරණය කර ඇත.