(දයාසීලි ලියනගේ)
මේ රජය පවතිනතාක් කල් රටේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී හිටපු මුදල් රාජ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙෙළඳ පොළේ ශ්‍රී ලංකාව ගැන විශ්වාසයක් නොවීම, රජය ඩොලර් ලබා ගැනීම සඳහා සංචාරකයන්ගේ පැමිණීම හා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් එවන ඩොලර් ගැන පමණක් විශ්වාසයෙන් පසුවීමත් මේ තත්ත්වයට හේතු වී ඇති බවය.
ඩොලර් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රම දෙකම අසාර්ථක වීමේ හේතුව හා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය මත මේ රජය බලයේ සිටියොත් ඉදිරි වර්ෂ 5කටවත් ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ මේ රජය ගෙන යන වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඩොලර් ප්රශ්නය කිසිම දිනක නොවිසඳෙන බවයි. ඩොලර් ප්රශ්නය මේ රජයේ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇතිවුවක් බව ප්‍රකාශ කළ මහාචාර්ය අතුකෝරළ මහතා ඩොලර් ප්රශ්නය උග්‍රවී රට තවත් දරුණු තත්ත්වයට පත්විය හැකි බව ද කීය.