(නිශාන්ත කුමාර බණ්ඩාර)
මෝටර් රථ - ත්රිරෝද රථ හා යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
පසුගිය 15 වනදා දහවල් 1 සිට මෙය ක්රියාත්මක කරන බව සංස්ථාව පවසයි. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1000 කටත් ත්රිරෝද රථ සඳහා රුපියල් 1500 කට සීමා වන ලෙසත් ඉන්ධන නිකුත් කෙරේ.
මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා පෙට්ට්රල් සහ ඩීසල් නිකුත් කිරීම රුපියල් 5000 කට සීමා කර ඇත. බස්, ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදා ගැනෙන ට්රැක්ටර් ඇතුළු වෙනත් වාහනවලට මෙම සීමාව අදාළ නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.