(ඩේලිමේල්)
සති අන්තය වන විට යුක්රේනයේ ‘‘කියෙව්’’ අගනුවර රුසියානු හමුදා විසින් අත්පත්කරගනු ඇතැයි බටහිර ඔත්තුසේවා අංශ සඳහන් කරන බව ‘‘ඩේලිමේල්’’ වෙබ් අඩවිය වාර්තා කරයි.
අගනුවර අත්පත් කරගෙන සතියක් ඇතුළත යුක්රේන රජය පෙරළා දමනු ඇතැයිද එම ඔත්තු සේවා සඳහන් කර තිබේ. ඉකුත් බ්‍රහස්පතින්දා වන විට කියෙව් අගනුවරට කිලෝමීටර් 95ක් සමීපයෙන් වූ චර්නෝබිල් න්‍යෂ්ඨික බලාගාරය අවට ප්‍රදේශය රුසියානු හමුදා පාලනය යටතේ පැවතිණ.
සිකුරාදා වාර්තා වූයේ රුසියානු හමුදා කියෙව් අගනුවරට ඉතා සමීපව සිටින බවය.
සටනේ පළමු දිනයේදී යුක්රේන ජාතිකයන් 137 දෙනකු මියගොස් තිබිණි.
බටහිර ජාතීන් තමා තනිකර දමා පසෙකට වී සිටින බව යුක්රේන ජනාධිපතිවරයා ජාතිය අමතමින් චෝදනා කළේය.