ජනපති දැඩි මතයක
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා කළේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන්ට එම අනතුරු ඇඟවීම බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවේ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය කිරීමට මැති ඇමැතිවරුන්ට ඉඩදිය නොහැකි බව ජනාධිපතිවරයා ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමේ දී ද ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
මෙම තත්ත්වය තුළ මැති ඇමැතිවරුන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කළ හොත් ඔවුන්ගේ තනතුරු ද ඉදිරියේදී අහිමි වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.