රජය සමග කටයුතු කරන හැටි සජබෙ තවමත් තීන්දු කර නෑ


දයාසීලි ලියනගේ

සමගි ජනබලවේගය රජය හා කටයුතු කරන ආකාරය පිළිබඳව මෙතෙක් තීරණයකට එළඹි නැති අතර ඒ සඳහා පක්ෂයේ ප්‍රධානින් රැස්වී අවසන් තීරණයක් ගනු ලබන 
බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.

රටේ ප්‍රශ්න විසඳීම සඳහා වන යෝජනාවලට සහාය දැක්වීමට සමගි ජනබලවේගය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එළඹී ඇතත් ඇමති තනතුරු ​ බාර ගන්නවාද නැද්ද? යන්න පිළිබඳව අවසන් තීරණයකට එළැඹී නැති බවද ඔහු ප්‍රකාශ කළේය.   


රට අසීරුවට පත්වී සිටින අවස්ථාවේ දේශපාලනය මූලික කර නොගෙන කටයුතු කළයුතු බව නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙන අතර එයට අදාළව සියලු තීන්දු තීරණ ගනු ලබන බවද ඒ මහතා කීය.