‘‘තනිකරම සුදු අලියෙක්’’ කෝප් කමිටුව කියයි
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය රජයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස්හත් දහස් දෙසීය ඉක්මවා ඇතැයි පොදු ව්‍යපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය 2020-2021 අතර කාලයේදී පමණක් ලබා ඇති පාඩුව රුපියල් කෝටි හාර දහස් පන්සිය හැට හතකි.
ආයතනය දිනකදී ලබන පාඩුව රුපියල් අට කෝටි හතළිස් ලක්ෂයකි.
ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා කැබිනට් මණ්ඩලය 2020 වසරේදී ඩොලර් මිලියන 500ක් ලබාදීමට අනුමැතිය ලබාදුන් අතර එම මුදලින් ඩොලර් මිලියන 242ක් දැනටමත් ලබාදී ඇතැයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.
ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය තනිකරම සුදු අලියකු බවට පත්ව ඇතැයිද එම කමිටු වාර්තාවේ සඳහන් වේ.
මේ අතර මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සේවයේ ප්‍රධානීන් ලබන 9 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා අැතැයිද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය අද රජයට විශාල බරක් වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් විශේෂ වාර්තා තුනක් ලබාගෙන ඇති බවත් එම වාර්තා තුන පදනම් කරගෙන මෙම විශේෂ සාකච්ඡාව පවත්වන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම වාර්තා තුන ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගුවන් සේවා අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙනි.