රෝහල් ත්රිවිධ හමුදාව පොලීසිය මුල්තැනට
රටපුරා රජයේ කාර්යාල 11,000ක් පමණ ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම ආයතන මෙසේ ගෙවීම පැහැර හැර ඇති මුළු මුදල රුපියල් කෝටි 20 කට ආසන්නය.
මේ අතර ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති ආතන අතර ත්රිවිධ හමුදාව පොලිසිය සහ රෝහල් මුල්තැනට පැමිණ ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
යුද නාවික සහ ගුවන් හමුදා (ත්රිවිධ හමුදා) ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවීමට ඇති හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 14කි.
මෙයට අමතරව දිවයින පුරා රජයේ රෝහල් කෝටි 16ක පමණ හිඟ බිල්පත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවීමට ඇති අතර පොලිසිය ගෙවීමට ඇති හිඟ බිල්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටි 4කි.
මේ අතර රටපුරා ආයතන සහ පුද්ගලයන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවීමට ඇති මුළු හිඟ මුදල රුපියල් කෝටි හයසිය පනහකට වැඩි බව එම මණ්ඩලය සඳහන් කරයි.