මෙහෙම කරද්දී රටක් හැදෙයිද?
(දයාසීලි ලියනගේ)
තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවිකර ගෙන නිවසට අවශ්‍ය කිරිපිටි, චීස්, වියළි සලාක හා පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා ජනතාවගේ මුදල් වැය කර ඇති පළාත්බද ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් පිළිබඳව වාර්තා වේ.
බස්නාහිර පළාතට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනයේ නිරත මෙම දේශපාලනඥයා පසුගිය වසරේද (2020) චීස් සඳහා රුපියල් 68185 ක මුදලක්ද කෙටි කෑම සඳහා රුපියල් 250460ක මුදලක්ද වියදම් කර ඇත.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම වියදම් පිළිබඳව තොරතුරු ලබා ගෙන ඇති කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එම තොරතුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හා පොලිසියට ඉදිරිපත් කර ඇත.
කොරෝනා වසංගත උවදුර නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ මුදල් අවභාවිත කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසද කහඳගම මහතා ඉල්ලා සිටියි.