(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සියලු සේවකයන් හෙට (02) සිට සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 75කට වැඩි පිරිසකට එන්නත්කරණය කර ඇති නිසා, සියලු රාජ්‍ය සේවකයන් හෙට සිට සේවයට කැඳවන බව රාජ්‍ය කළමනාකරණ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවසර ලබා දෙමින් නිකුත් කර තිබූ සියලු චක්‍රලේඛ අවලංගු කර, නව චක්‍රලේඛයක් රාජ්‍ය කළමනාකරණ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සතිඅන්තයේ නිකුත් කරනු ලැබූ බවද ඔහු සඳහන් කළේය.
රට දිගින් දිගටම හකුලා තැබීම ආර්ථිකයට දැඩි ලෙස බලපාන බැවින්, රාජ්‍ය ආයතන විවෘත කර ඒවායේ කටයුතු නැවත සාමාන්‍ය පරිදි ආරම්භ කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.