රජයේ සේවක විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව යළි 55 ට


දයාසීලි ලියනගේ

ලබන වසරේ ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රජයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 ක් වන අතර එම සීමාව වයස 60 දක්වා සේවය කිරීමට සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් අවශ්‍ය නොවන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත.

වයස අවුරුදු 55 ත් 60 ත් අතර කාලපරිච්ඡේදය තුළ නිලධාරින්ගේ අභිමතය පරිදි පත්වීම් බලධාරියාට මාස 3 ක පූර්ව දැනුම් දීමකින් අනතුරුව විශ්‍රාම ගැනීමට අවස්ථාව සලසා ඇත.  


කාර්යක්ෂමතාව හා කාර්ය සාධනය සතුටුදායක නොවන නිලධාරියකුට වයස අවුරුදු 55 න් ඔබ්බට සේවා දීර්ඝ කිරීමක් ලබානොදීමට පත්වීම් බලධරයා තීරණය කරන්නේ නම් එයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 6 ක පූර්ව දැනුම්දීමකින් පසුව එම සේවකයා විශ්‍රාම ගැන්වීමේ බලය පත්වීම් බලධාරියා සතුවන බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත.