රජිව් ගාන්ධි ඝාතකයන්ට නිදහස


රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි නලිනි ශ්‍රීහරන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා නියෝග කළේය.  

 

නලිනි ශ්‍රී ලාංකික දමිළ කාන්තාවකි.


මෙම නඩුවට අදාළ තවත් විත්තිකරුවකු ඉකුත් මැයි මාසයේදී නිදහස් කෙරුණි.  


ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි 1991 වසරේදී ඝාතනය කරන ලද්දේ එල්ටීටීඊ සංවිධානය විසින් යවන ලද බෝම්බකාරියක විසිනි.