රට ගොඩගැනීමේ පොදු එකඟතාවකට එජාපයෙන් සත්‍යක්‍රියාවක්


රට ගොඩගැනීම සඳහා පක්ෂ ​භේදයෙන් තොරව සියලු දෙනාම එකතු වේවායි ප්‍රාර්ථනය කරමින් මාර්තු මාසයේදී සත්‍යක්‍රියාවක් පැවැත්වීමට එජාපය කටයුතු යොදා ඇතැයි හිටපු ඇමැති, අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම සත්‍යක්‍රියාව පැවැත්වෙන බව කාරියවසම් මහතා පැවසීය. පක්ෂ භේදයෙන් තොරව රටට හිතැති සියල්ලන්ටම මෙම කටයුත්තට එකතු විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.