රට පුරාම කුණු කඳු 339ක්


 60ක්ම වනාන්තර ආශ්‍රිතව 

(උපුල් වික්‍රමසිංහ)   

පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යන විවෘත කසළ බැහැර කිරීමේ බිම් (කසළ කඳු) 339 ක් දිවයින පුරා ඇති බවට ඉරිදා ලංකාදීපය කළ සොයා බැලීමක දී තොරතුරු අනාවරණය විය.   

ඒවා අතරින් 60කට වැඩි ප්‍රමාණයක් වනාන්තර පරිසරය පද්ධති හා තෙත් බිම් පරිසර පද්ධතිවල පිහිටා ඇතැයි ද එහිදී දැනගන්නට ලැබිණි.   


ලංකාවේ දිනකට කසළ මෙට්‍රික් ටොන් 7500ත් 8000ත් අතර ප්‍රමාණයක් ජනනය වන බවත් පළාත් පාලන ආයතන මගින් එකතු කරන්නේ මෙට්‍රික් ටොන් 3500ත් 4000ත් අතර ප්‍රමාණයක් බව අප මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ  සරෝජිනී ජයසේකර මහත්මිය පැවසුවාය.