රටින් ගෙන භාණ්ඩ 300 තහනමෙන් බදු මිල තවත් නගියි


දයාසීලි ලියනගේ

භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය නිසා රටේ ආර්ථික වර්ධන වේගය තව තවත් අඩුවී භාණ්ඩ මිල ඉහළ යන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.   

ආනයනික භාණ්ඩවලින් සියයට 20ක් පාරිභෝගික භාණ්ඩ ​ෙවන අතර ඉතිරි සියයට 80ක ප්‍රමාණය අන්තර් ප්‍රාග්ධන භාණ්ඩ වේ.   


ආනයනය තාවකාලිකව තහනම් කරන භාණ්ඩ අතර ගෘහ උපකරණ, ඉදිකිරීම් උපකරණ, කෘත්‍රීම කෙඳි වර්ග, රටකජු, චොකලට්, ජල බෝතල්, ෂැම්පු හා දැව වර්ග ද වෙයි.   


භාණ්ඩ 300ක ආනයනය තහනම් කිරීම රටට බලපාන ආකාරය පිළිබඳව මුදල් රාජ්‍ය හිටපු ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ ලැබෙන අපනයන ආදායම මත ආනයනය සීමාකිරීමට සිදුවීම මේ තත්ත්වයට හේතුවී ඇති බවයි. වෙනත් රටවලින් ලබාගැනීමට අපේක්ෂා කළ ණය ලබාගැනීමට නොහැකිවීමේ හේතුව මත රටේ භාණ්ඩ මිල තවත් වැඩිවීම නොවැළැක්විය හැකි වනු ඇතැයි ඔහු කීය.