වැඩ මෙහෙම නම් රටට හරි යයිද?
(දයාසීලි ලියනගේ)
පසුගිය වසරේදී රුපියල් කෝටි 11 ක රජයේ වියදමින් ගෙන්වන ලද කැණීම් යන්ත්‍රයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වාහන අංගනයක රඳවා තිබෙන සිද්ධියක් පිළිබඳව විගණන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය යටතේ පවතින ආයතනයක් මගින් ගෙන්වා ඇති මෙම කැණීම් යන්ත්‍රය වෙෙළඳ පොළේ පවතින සාමාන්‍ය මිල ගණන් ඉක්මවා ගොස් ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී අැත.
වසරකට අධික කාලයක් මෙම කැණීම් යන්ත්‍රය කිසිදු පාවිච්චියකට නොගෙන සඟවා තැබීම පිළිබඳව කරන ලද විමසීමකදී මේ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් කරන බව අදාළ බලධාරීන් ප්‍රකාශ කර ඇත.
රට ආර්ථික වශයෙන් බරපතළ ප්‍රපාතයකට වැටී සිටින මෙවැනි අවස්ථාවක මෙතරම් විශාල මුදලක් වැය කර හදිසි කටයුත්තක් සේ සලකා මෙවැනි යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳව ආයතන මට්ටමින් ද සොයා බලන ලෙසට ඇමැතිවරයා උපදෙස් දී ඇත.