රටින් ගේන තවත් භාණ්ඩ 600 ක බදු වැඩිවෙයි


මහ බැංකුව රජයෙන් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)  

මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීමක් කර ඇත.

රටේ මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මහ බැංකුව මෙම ඉල්ලීම කර ඇති බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.  


මේ අනුව එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒවා මත පනවනු ලැබ ඇති බදු යම් පමණකින් හෝ වැඩි කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි දැනගන්නට ඇත.  


අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් තිබේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල කරුණු අධ්‍යයනය කර ගෙන යන බව වාර්තා වේ.  


මේ අතර තෝරාගත් අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.