ආරම්භක උත්සවයට වියදම කෝටි 7යි
(දයාසීලි ලියනගේ)
රුපියල් කෝටි 7කට අධික මුදලක් වැය කර උත්සවශ්‍රීයෙන් රත්මලාන - මාලදිවයින ගුවන් සේවාව ආරම්භ කළදාට පසුදිනම එම සේවාව මාලදිවයින මගින් අවලංගු කර ඇති බව වාර්තා වේ.
මෙරට පවතින තත්ත්වයට අනුව මෙවැනි ගුවන් සේවාවක් පවත්වා ගෙනයාම අනවශ්‍ය බව සඳහන් කිරීම නිසා ගුවන් සේවා විවෘත කළ දිනට පසු දිනම එය අත්හිටුවා ඇත.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ආයතනයේ ඉහළ නිලධාරීන් සහභාගී වී ඇති බව සඳහන් වේ.
නිසි අවසරයකින් තොරව මෙවැනි උත්සව සංවිධාන කිරීම විශාල මුදල් හානියක් බව එහි සේවක පිරිස් පෙන්වා දෙති. රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේ මෙලෙස මුදල් නාස්තිකරන නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස සේවක පිරිස් රජයෙන් ඉල්ලා ඇත.