වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ පෙරේදා (සිකුරාදා) කොළඹ වාළුකාරාමයේදී දිවුරුම් දුන්නේය.
අවස්ථා හයක් අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයකු වශයෙන් පත්වූයේ පළමුවතාවටය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිධුරය හිස් වූ අතර එම ධුරයේ වැඩබැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සෙනසුරාදා නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අභිනව ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම ලබන 20 වැනිදා සිදුකිරීමට නියමිතය.