දයාසීලි ලියනගේ
දීමනා ලබාදීම සම්බන්ධයෙන් රජයේ සේවකයන් හා පළාත් සභා සේවකයන් අතර දැඩි විෂමතාවක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
ජාතික ප්‍රතිපත්තියට අනුව රජයේ සේවකයන්ට දීමනා ලබාදීමත් පළාත් සේවකයන්ට ඉන් බැහැරව නිත්‍යානුකූල නොවන ආකාරයට දීමනා ගෙවීමත් නිසා මෙම විෂමතාව ඇතිවී තිබෙන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
පසුගිය වසර තුනට පළාත් නවයේම (9) දීමනා ගෙවීම සඳහා අතිරේකව රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් ගෙවා ඇති බව වාර්තාවී ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මීට අමතරව පළාත් කාර්යාලවල ඉහළ නිලධාරින් නිවාස කුලිය වශයෙන් රුපියල් 30,000ත් 50,000ත් අතර මුදලක් ලබන බවද වාර්තාවී ඇති බවත් මෙ නිලධාරියා ප්‍රකාශ කළේය.