රාජ්‍ය ඇමැතින් පත්කිරීම 21 සම්මත කරගත් පසු


අජන්ත කුමාර අගලකඩ

රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම, තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය අමාත්‍යධුර අපේක්ෂාවෙන් සිටීම මෙන්ම, විසිඑක්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ප්‍රමුඛත්වය දීම ආදී කරුණු හේතු කොට ගෙන මෙම දිවුරුම් දීම කල් ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.


කැබිනට් අමාත්‍යවරුන් දාහත් දෙනකු ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී පත් කරනු ලැබූ අතර, ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද ඇතුළුව කැබිනට් මණ්ඩලය මේ වන විට දහ නවයක් දක්වා ඉහළ ගොස් ඇත.


කැබිනට් මණ්ඩලය විසිතුන් දෙනකුට හෝ විසිපහකට සීමා වනු ඇතැයි දැනගන්නට ඇති අතර, ඒ හා සමානව රාජ්‍ය ඇමති පිරිසක්ද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ.