දයාසීලි ලියනගේ
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් 2023 වර්ෂය සඳහා සිදු නොවන අතර ඒකාබද්ධ අරමුදලින් වැටුප් ගෙවන තනතුරු සඳහා නව බඳවා ගැනීම් අත්හිටුවා ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා වූ මාර්ගෝපදේශ ලබා දෙමින් මේ බව සඳහන් කර ඇත.
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු නොකරන නිසා ඒ සඳහා මුදල් වෙන් නොකරන බව ද ලේකම්වරයා දැනුම් දෙයි.
ආර්ථික අර්බුදය හමුවේ දැඩි බලපෑමකට ලක්වී ඇති ජන ජීවිතය යථාවත් කිරීම, ආර්ථිකය තව දුරටත් දුර්වලවීම වැළැක්වීම, ආර්ථික වර්ධනය සඳහා වූ පදනම සකස් කිරීම ඉලක්ක ගතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
කෙටිකාලීන සැලසුම් තුළ වියදම් අඩු කිරීම ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇති අතර වඩාත් අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් ඇතැම් අවශ්‍යතා කැප කිරීමට සිදුවන බවද ලේකම්වරයා සඳහන් කර ඇත.