රුසියානු සමාගම තෙල් දෙන්න එකඟයි


දයාසීලි ලියනගේ

රුසියානු තෙල් සමාගමක් වසර දෙකක ණය පහසුකම් මත ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට එකඟතාව පළ කර ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම මත මෙම රුසියානු සමාගමේ නියෝජිතයන් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව හිටපු රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා කීය.

මෙම නියෝජිත පිරිස සමග අදාළ සාකච්ඡා පවත්වමින් සිටින අතර මේ වන විට තාක්ෂණ කරුණු ගැන සාකච්ඡා පවත්වන බවද ඔහු සඳහන් කළේය.  


අවුරුදු දෙකක ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට තෙල් ලබා ගැනීම මෙම තාක්ෂණ කරුණු පිළිබඳ සාකච්ඡා සාර්ථක වීමෙන් පසු සිදුවන බවද ඔහු කීය.