අමාත්‍යාංශ මිල හා රේගු දත්ත අතර විශාල පරස්පරයක්
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති යළි කියයි
දයාසීලි ලියනගේ
ඉන්ධන ආනයන කිරීම සඳහා රේගුව පෙන්වන දත්තවලට අනුව මිල නියම කරන්නේ නම් අදටත් ඉන්ධන ලීටරයක් රුපියල් 250ක පමණ මුදලකට අලෙවි කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කීය.
අමාත්‍යංශය නියම කරනු ලබන මිල හා රේගුව ඉදිරිපත් කර තිබෙන මිල අතර විශාල පරතරයක් පවතින අතර ඒ අනුව ඉන්ධන සඳහා වැඩි මිලක් අය කරනු ලබන බවද ඒ මහතා කීය.
මේ තත්ත්වය නිසා ඉන්දියානු තෙල් සමාගම ඇතුළු ඉන්ධන ගෙන්වන ආයතන අධික ලාභයක් ලබන බවද ඔහු ප්‍රකාශ කළේය.
රේගු සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමෙන් මේ තත්ත්වය තහවුරු කරගත හැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.