රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
(දයාසීලි ලියනගේ)
වසංගත රෝග විද්‍යා අංශයට ලැබී ඇති තොරතුරු වලට අනුව රෝගීන් සංඛ්‍යාව වැඩි වුවත් පී.සී.ආර්. හා ඇන්ටිජන් පරීක්ෂණ කිරීම එන්න එන්නම අඩු වන තත්ත්වයක් පවතින බව වාර්තාවේ.
ඒ අනුව පසුගිය විසි එක් වෙනිදා පී.සී.ආර්. පරීක්ෂණ දහනව දාස් නවසිය හැට තුනක්, විසි දෙවැනිදා දහනවදාස් අසූ තුනක්, 23 වැනිදා දහහතර දහස් හත්සිය දාසයක්, 24 වැනිදා දහහතර දහස් තුන්සිය පනස් හයක් සිදු කර ඇති අතර, ඒ අනුව එදින හතරට 5606 ක් අඩුවක් පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය.
මීට අමතරව අදාළ දිනවල ඇන්ටිජන් පරීක්ෂණ කිරීම 5473, 5192, 4026 හා 3302 වශයෙන් අඩුවී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
රජයේ රෝහල්වල පරීක්ෂණ අඩු කර තිබෙන නිසා පුද්ගලයකුට තමන්ට කොරෝනා වැළ ඳී ඇතිදැයි පරීක්ෂා කර ගැනීමට අවස්ථාවක් නොමැති තත්ත්වයක් උදාවී ඇතැයි ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.