ලංකා - ඉන්දීය අගමැති හමුවක් ළඟදීම


(දයාසීලි ලියනගේ)  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සති දෙක ඇතුළතදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට එරට සංචාරයක නිරත වීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් වහාම අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.  


මේ අතර ඉන්දියාව ඉන්ධන ටොන් ලක්ෂ 4 ක ප්‍රමාණයක් හා ආහාර තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව දක්වා ඇති අතර ඒවා ඉදිරි සති දෙක ඇතුළතදී ලැබීමට නියමිතය.  


ඉන්ධනවලට අමතරව ආහාර ද්‍රව්‍ය මෙ.ටොන් 20,000 ක් ලබා දීමට ද ඉන්දීය රජය එකඟතාව දක්වා ඇත.