(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයක් ද ඇතුළත්ව බෙංගාල බොක්කේ වර්ග කිලෝ මීටර් 6,000 ක ප්‍රමාණයක මළ මුහුදක් නිර්මාණය වෙමින් පවතින බව නාරා ආයතනය හා ජාත්‍යන්තර පරිසර විද්‍යාඥයන් කළ පරීක්ෂණයකින් අනාවරණ වී ඇතැයි ජාතික විගණන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
සාගර පත්ලෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් ප්ලාස්ටික් හා කැලි කසළ රැඳී පැවතීම, සෙන්ටි මීටරයක ප්‍රමාණයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුහුදු ජලයේ මිශ්රවීම හේතුවෙන් හිරුඑළිය හා වාතාශ්‍රය අවමවී මුහුදු ජීවීන්ට වාසය කළ නොහැකි වීම යන කරුණු මත මෙම මළ මුහුද බිහි වෙමින් පවතින බව ඉකුත් වසරේ නිකුත් කළ එම වාර්තාවේ සඳහන් කර ඇත.
සාගර පරිසරය පිළිබඳ විමර්ශන කරණු ලබන නෝර්වේහී බ්‍රිජට් ජොන්සන් නෞකාව හා නාරා ආයතනය එක්ව මේ සම්බන්ධයෙන් ගවේෂණය කර ඇත.