(ප්‍රේමකීර්ති රණතුංග)
ශ්‍රී ලංකාවේ සිට විදේශ ගත වන පුද්ගලයන්ට ගෙන ගිය හැකි විදේශ මුදල් ප්‍රමාණය සීමා කිරීමට රජය තීරණය කර ඇත.
රජය මෙම තීරණයට එළඹ ඇත්තේ මේ වන විට මෙරට විදේශ විනිමය සංචිතය දැඩි ලෙස අඩු වී ඇති නිසාය. මේ යටතේ මෙරට සිට විදේශයේ පදිංචි යට යන පුද්ගලයන්ට, ගෙන ගිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ද මෙරට සිට විදේශයට ගොස් කර්මාන්ත ශාලා විවෘත කරන ව්‍යාපාරිකයන්ට ගෙනගිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ද දැඩි සීමා කිරීමකට ලක් කෙරේ. එයට අමතරව විදේශ සංචාරයේ යෙදෙන පුද්ගලයන්ට ගෙන ගිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ද සීමා කිරීමට රජය තීන්දු කර ඇත. මේ පිළිබඳ නියෝග මුදල් අමාත්‍යංශය විසින් සිකුරාදා (පෙරේදා) පනවනු ලැබීය.