විදුලි බිඳවැටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතා හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට සිදුව ඇතැයි ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඩී. සී. ආර්. අබේසේකර මහතා කියයි.
ඒ හේතුවෙන්, හදිසි විදුලි බිඳවැටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව කාරුණිකව දැනුම් දෙන බවද ඒ මහතා සඳහන් කරයි.
සම්පත් සීමිතවීමේ අභියෝගය ලංවිම පාලනයෙන් බැහැර කරුණක් වුවද, පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතා අවම කරගැනීම සඳහා හැකි ඉක්මනින් විදුලිය සැපයීමට අප සැමවිටම කැපවී සිටින බවද ලංවිම කියයි.