ලබන මස මැද සිට තෙල් හිඟයක් ස්ථිරයි


සමගි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

 (දයාසීලි ලියනගේ)   

 ලබන මස මැද සිට උග්‍ර තෙල් හිඟයකට රට මුහුණ පාන බව ස්ථිර යැයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.   

 ඉදිරි දින 26 කට පමණක් ඉන්ධන තිබීම හා රුපියල්වලින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සොයා බලන බවට ඇමැති උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය නිසා රටේ ඉන්ධන හිඟයක් ඇති වන බව තම මතය යැයිද ඔහු කීය.   


 ඩොලර් නැති නිසා රුපියල්වලින් ඉන්ධන මිලදී ගැනීමට දරන උත්සාහය විහිළුවක් බවට ප්‍රකාශ කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතා තෙල් හිඟයෙන් රටේ සියලුම අංශ කඩාවැටෙන බවද කීය.