ලබන වසර මුලදී ඇමැති මණ්ඩලයේ සංශෝධනයක්?


ප්‍රධාන ඇමැති ධූර කීපයකුත් වෙනස් වෙයි

(සුජිත් හේවාජුලිගේ)  

ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.  


මේ යට​තේ ප්‍රධාන පෙළේ ඇමැතිධුර කිහිපයක්ද වෙනස්වීම සිදු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.    

ලබන වසර ආරම්භයේදී රජයේ වැඩපිළිවෙළ නව ජවයකින් සහ වේගවත්ව ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ මෙම සංශෝධනය සිදු කෙරෙන්නේද ඊට සමගාමීව බව රජයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද කැබිනට් මණ්ඩලය පත්කර ඇති ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා දැඩි විවේචනයක් සිදුකළහ.