මුදල් අමාත්‍යාංශයෙන් යෝජනා
(දයාසීලි ලියනගේ)
ලාබ නොලබන හා දැඩි පාඩුපිට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල සේවක වැටුප් වැඩි කිරීම නොකළ යුතු බවට මුදල් අමාත්‍යාංශය රජයට යෝජනා කර ඇති බව වාර්තා වේ.
මීට අමතරව විගණන වාර්තා හා කෝප් කමිටුව මගින්ද මේ බව පෙන්වා ඇතත් විවිධ දේශපාලන බලපෑම් මත පසුගිය වසර කීපය පුරාම මෙම උපදෙස් නොසලකා හැර තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
විශේෂයෙන් විදුලිබල මණ්ඩලයේ ණය මුදල් පමණක් බිලියන 1000ක් ඉක්මවා ඇති අතර ආයතනයට ලාබ ලැබීමට හෝ අලාභය අඩුකර ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළුව පාඩු ලබන ආයතන පිළිබඳව මුදල් අමාත්‍යාංශය රජයට පෙන්වා දී තිබෙන බව ද සඳහන් වේ.