සභාපති වෑගපිටිය
අජන්ත කුමාර අගලකඩ
ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ලාෆ් ගෑස් මිල පසුගිය සතියේදී රුපියල් 1050 කින් අඩු කළ අතර, ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදී ද මිල අඩු වනු ඇතැයි ඔහු සඳහන් කළේය.
ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක දැනට මිල රුපියල් 5,800ක් වන අතර, කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,320 ක් වේ. කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 928 කි.